Image result for patented logo

ඩිජිටල් පවර්ගාඩ් සහිත විදුලිබල ඉතිරිකරණය 

මිල රු 7,300

සියලු බදු ඇතුලත්ව
මිලදී ගැනීම

විස්තරය

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 3ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.  

“කිලර්වොට් ප්‍රෝ 13A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර  3000W දක්වා බලයක් දැරිය හැකිවේ.  

“කිලර්වොට් ප්‍රෝ 13A” හි ඇති ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණය අපගේ ඉංජිනේරුවන්ගේ විශිෂ්ට නිර්මාණයකි. ඔබගේ නිවසේ විදුලි බල සැපයුමෙහි වෝල්ටීයතාවය එසැනින් පෙන්නුම් කරන අතර එය පරාසයෙන් පිටතට ගිය විට සම්බන්ධක උපකරණය ඉතා ක්ෂණිකව විසන්ධි කර දමනු ලැබෙයි. මෙවැනි හැකියාවක් ලැබෙන්නේ අති ශුක්ෂම මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණය නිසයි. මෙවැනි ඩිජිටල් පවර් ගාර්ඩ් උපකරණයක වාසියක් වන්නේ සම්බන්ධක උපකරණය විසන්ධි කිරීමට ප්‍රථම ඒ ගැන දැනුවත් කිරීමයි.

තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

ශීතකරණයකට සවිකිරීමේදී “කිලර්වොට් ප්‍රෝ” හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්, නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

 

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

මේ සමග සපයා ඇති පවර් කෝඩ් එක සිදුර තුලට හොදින් කාවදින ලෙස සම්බන්ධ කල යුතුය. නොඑසේනම් විදුලි සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවන අතර, පවර් කෝඩ් එක උපකරණයෙන් ගැලවී යාමටද ඉඩ තිබේ.

මෙය පොලව මට්ටමේ සිට ආදී 3ක් වත් උසින් සවි කල යුතුවෙයි. ඊට හේතුව, කුඩා ළමුන්ට  මෙහි අගයන් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ නොතැබීමත්, උඩින් සවිකළ විට මෙහි LED දර්ශන තිරය පහසුවෙන් ප්‍රදර්ශනය වීමත්ය. මෙම උපකරණය කිසිවිටකත් පොලව මත නොතැබිය යුතුය. ඊට හේතුව දූවිලි අපද්‍රව්‍ය මෙහි අභ්‍යන්තරයට ගොස් ඉලෙක්ට්‍රොනික පරිපථ වලට හානි පැමිණිය හැකි වීමයි.

වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න. පහත උපදෙස් වීඩියෝව (ඉංග්‍රීසි බසින්) තවදුරටත් මෙහි භාවිතය පැහැදිලි කරනු ඇත.

විදුලිය ඉතිරි කිරීමේ භාවිතයන්

  • ශීතකරණය
  • අධිශීතකරණය
  • බෝතල් ශීතකරණය
  • මිනි බාර් ශීතකරණය
  • සිටුවන විදුලි පංකාව
  • මාළු ටැංකි ඔක්සිජන් පොම්ප 
  • ඉස්සන් පොකුනුවල ඔක්සිජන් පොම්ප
  • නලලිං පොම්ප

කිලෙර්වොට් ප්‍රෝ 13A හි ද්විත්ව ටයිමරය ඔබ විසින්ම සැකසීමේ පහසුකම සලසා දී තිබෙන නිසා, මෙම උපකරණය ඉහත සාමාන්‍ය භාවිතයන්ට අමතරව, තවත් බොහෝ කාර්යයන් සඳහා යොදා ගත හැකි වෙයි. 

මෙහි ඇති පවර් ගාඩ් උපකරණයේ ක්‍රියාකාරිත්වය

පවර් ගාඩ් උපකරණයකින් සැලසෙන ප්‍රධානම වාසි 2කි. පළමුවැන්න අඩු සහ වැඩි වොල්ටීයතාවයන්ගෙන් සම්බන්ධක උපකරණය ආරක්ෂා කිරීම වන අතර දෙවැන්න නම් බලගැන්වීම ප්‍රමාදකරණය (Startup Delay) වෙයි.

බොහෝ විට විදුලිය විසන්ධිව තිබී යලි විදුලිය ක්‍රියාත්මක වූ විට, වෝල්ටීයතාවය උච්චාවචනය වෙයි. කොම්ප්‍රෙසර් සහ ඉන්ඩක්ෂන් මෝටර් සවිකළ උපකරණ වලට මෙම තත්වය ඉතාම නුසුදුසු වෙයි. එමනිසා පවර් ගාඩ් උපකරණයක “බලගැන්වීම ප්‍රමාදකරණය” මගින් සිදුවනුයේ, සැපයුම් වෝල්ටීයතාවය ස්ථාවර වන තුරු සම්බන්ධක උපකරණයට බලය නොදී විනාඩි කිහිපයක් OFF තත්වයේම තබා ගැනීමයි.

විශේෂාංග

    • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.

    • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.

    • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
    • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්

    • සවිකළ උපකරණය ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.

    • ඉලෙක්ට්‍රොනික පවර් ගාර්ඩ් පරිපථය. සැපයුම් වෝල්ටීයතා ප්‍රදර්ශකය සහ අඩු/වැඩි වොල්ටීයතාවයකදී ක්ෂණිකව සම්බන්ධක උපකරණය විසන්ධි කිරීම. 

    • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ උපකරණ ආරක්ෂා කිරීම. 

    • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව