EnergyVIEW Pro 

එනර්ජි විව් ප්‍රෝ – විදුලි පරිභෝජනය මනින උපකරණය

 Download PDF Datasheet

මිල රු 4,500

සියලු බදු සහිතව
මිලදී ගැනීම

විස්තරය

විදුලිබිල යනු අප සැවොම උනන්දු වෙන මාතෘකාවකි. මේ වනවිටත් විදුලි බිල අඩුකර ගැනීමට ඔබට හැකි සෑම උත්සාහයක්ම අරගෙන ඇති. LED විදුලි බුබුළු වලට මාරුවීම, රෙදි මැදීම එකවර සිදුකිරීම, ශීතකරණයට කිලර්වොට් සවිකිරීම ආදිය දැනටමත් ඔබ සිදුකර ඇති.

නමුත් කොතෙක් වෙනස්කම් සිදුකලත්, ඔබ සිතන පරිදි මාසික විදුලිබිල අඩු නොවුවහොත් එය ඔබට නොවිසඳෙන ගැටළුවක්ම වෙයි. එවන් අවස්ථාවක එක් එක්  විදුලි උපකරණවලට වෙනවෙනම වැයවෙන විදුලි ප්‍රමාණය මැන ගැනීමට උපකරණයක් තිබුණහොත් මෙම ගැටලුව පහසුවෙන් විසඳාගැනීමට ඔබට හැකියාව ලැබෙයි. තවද ඉහත පරිදි අනපේක්ෂිත විදුලි බිලකට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ව්දුලි උපකරණ වල විදුලි කාන්දුවයි. මෙය දැනගැනීමට උපකරණයක් තිබේනම් එයද ඉතා ප්‍රයෝජනවත් වෙයි.

ඉහත ගැටළු දෙකටම මෙම උපකරණයෙන් විසඳුම් ලබාදී තිබෙයි. ඕනෑම විදුලි උපකරණයකට වැයවෙන විදුලිබලය මැනගනීමටත්, විදුලි උපකරණවල විදුලි කාන්දුවක් තිබේනම් එසැනින් එය දැනගැනීමටත් මෙම උපකරණයට හැකියාව ඇත.

විවිධ ආනයනික මීටර් වර්ග වෙළඳපොලේ තිබුනත්  ඒවායේ නිරවද්‍යතාවය ගැන කිසිඳු ප්‍රමිති සහතිකයක් නොමැත. තවද එවැනි බොහෝ උපකරණවල දත්ත ගබඩා කරතැබීමට අභ්‍යන්තරයේ බැටරි කිහිපයක් සවිකර තැබිය යුතුවෙයි. බැටරි ශ්‍රාවය වීමේ (Leak ) ගැටලුව පමනක්  නොව බැටරිය බැස  ගිය පසු එහි අඩංගු සියලු දත්ත මෙමරිය මැකී යයි. නමුත් බ්‍රාවෝ EnergyVIEW  Pro සඳහා කිසිඳු අභ්‍යන්තර බැටරියක් අවශ්‍ය නොවෙයි. එහි සියලු දත්ත ඔබ විසින් ඩිජිටල් මෙනුවක ආධාරයෙන් මකා  දමන තුරුම අභ්‍යන්තරයේ ගබඩා වී තිබේ. විදුලි බිදවැටීමකදී වුවද දත්ත පෙරසේම ලබාගත හැකිවෙයි.

බ්‍රාවෝ EnergyVIEW Pro හි තවත් විශේෂත්වයක් වන්නේ, සම්බන්ධිත විදුලි උපකරණයට වැයවෙන ධාරාව (Current ), විභවය (Voltage ), බලය (Power ) සහ විදුලි ඒකක ප්‍රමාණය (Units in Kwh) යන දත්ත සියල්ලම විශාල LCD තිරය මත එකවර දර්ශනය වෙයි. නිල් පැහැති Backlight නිසා මෙම අගයන් ඉතා පහසුවෙන් දර්ශනය වෙයි.

භාවිතා කරන ආකාරය

මෙම උපකරණය භාවිතා වන ආකාරයක උදාහරණ ගනිමු. ඔබගේ ශීතකරණයට මසකට වැයවෙන විදුලි ඒකක ගණන මැන බැලීමට අවශ්‍ය වී යැයි  සිතමු. මෙවිට ඔබ කලයුත්තේ, EnergyVIEW  Pro හි එනර්ජි මීටරය ශූන්‍ය කර (Reset), එය හරහා ශීතකරණය සම්බන්ධ කර තැබීමයි. මෙවිට ශීතකරණයේ දෛනික පරිභෝජනය පමණක් නොව සතියක, හෝ මසක පරිභෝජනය පවා ඔබට පහසුවෙන් දැනගත හැකිවෙයි. මෙලෙසම රෙදි සේදුම් යන්ත්‍රය (Wasing Machine), බත් පිසිනය (Rice Cooker) පමණක් නොව ඕනෑම විදුලි උපකරණයක් සඳහා වැයවන විදුලිබලය මෙලෙස පහසුවෙන් මැනගත හැකිවෙයි.

පරිභෝජනය මැනගතහැකි උපකරණ

  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • HiFi සෙටප් පද්ධති, සරෞන්ඩ් සවුන්ඩ් පද්ධති
  • ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්ලට් පරිගණක
  • ගෘහස්ත රෙදි මදිනයන්
  • මයික්රෝවේව් උදුන්, රයිස් කුකර්
  • ශීතකරණ, අධිශීතකරණ
  • වායුසමීකරණ (BTU 12,000 සහ ඊට අඩු)
  • සැටලයිට් TV පද්ධති
  • CCTV කැමරා පද්ධති
  • පරිඝනක ජාලගතකිරීමේ උපකරණ (Routers, Switches, Servers),
  • නිවාස ආරක්ෂණ පද්ධති
  • රැහැන් රහිත ඉන්ටර්කොම්
  • බ්ලෙන්ඩර්
  • විදුලි පංකා

විශේෂාංග

  • බල ධාරිතාවය 1200W (5A), 230V 50Hz.
  • අභ්‍යන්තර මෙමරිය සඳහා කිසිඳු බැටරියක් අනවශ්‍යයි.
  • ෆියුස ආරක්ෂාව
  • ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්
  • එනර්ජි මීටරය ශූන්‍ය කිරීමේ හැකියාව
  • ඔබට ප්‍රෝග්‍රෑම් කල හැකි බලය සඳහා වන එලාමය
  • බල සැපයුම විසන්ධි වීමෙදීත් මෙමරිය මැකී නොයාම
  • විශාල ප්‍රමාණයේ LCD තිරය. පසුතල ආලෝකය සහිතයි.