CleanPOWER Mini

අතේ රැගෙන යා හැකි අකුණු ආරක්ෂණ උපකරණය

ලාභදායිම ක්‍රමයට නොව නියමාකාරයෙන් නිපදවා ඇත

Download CleanPower Mini Datasheet

Price Rs 3,500

සියලු බදු ඇතුලත්ය
කර්මාන්ත ශාලාවෙන් සෘජු අලවිය පමණයි
  •    

ඔන්ලයින් ඇණවුම් කිරීමට ඉහත ලින්ක් එක ඔබන්න

රැගෙන යාමේ අවශ්‍යතාවය

අපගේ කාර්ය බහුල ජීවන රටාවේ දී අප භාවිතා කරන විවිධ විදුලි උපකරණ, අවශ්‍යතාවය අනුව විවිධ ස්ථානවල විදුලි පද්ධති වලට සම්බන්ධ කිරීමට අවශ්‍ය වේ. විශේෂයෙන්ම විදේශගත වන ඔබට හෝටල් වල විදුලි පද්ධතියට හෝ ගුවන් පර්යන්ත වල විදුලි පද්ධතියට ඔබගේ ලැප්ටොප් පරිගණකය නිතරම සම්බන්ධ කිරීම්ට අවශ්‍ය වෙනු ඇත..  මෙවන් අවස්ථාවලදී එම විදුලි බලය කොතරම් ස්ථාවර ද යන්න අප නොදනී.  ඇතැම් අවස්ථාවල විදුලිබලය ජෙනරේටරයක ට මාරු කරන විට ඉතා ඉහල විභවයන් පැමිණ අපගේ වටිනා විදුලි උපකරන හානි කර දැමීමේ හැකියාවක් ඇත. . මෙවන් අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන CleanPower Mini උපකරණය නිපදවා තිබේ..   225g ඉතා සැහැල්ලු උපකරණයක් වන මෙය ඔබගේ ලැප්ටොප් බෑගයේ අවශ්‍යතම උපකරණයක් වනු නොඅනුමානයි..  ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම උපකරණයට වොට් 1200ක ප්‍රබල බල ධාරිතාවක් ඇති බව විශේෂිතයි.

සැබැවින්ම රැගෙන යා හැකි සහ එසැණනින්ම සම්බන්ධ කළ හැකි ආකාරයට පවර් කෝඩ් එකක් රහිතව මෙම උපකරණ නිපදවා තිබේ.

      

සර්ජ් ප්‍රොටෙක්ටරයකින් සිදුවන්නේ කුමක්ද ?

මූලිකවම සිදු වන්නේ විදුලි සහ විද්‍යුත් උපකරණ අකුණු ගැසීම් වලින් ආරක්ෂා කර ගැනීමයි. අප භාවිතා කරන ගෘහස්ත විදුලි උපකරණ දිනෙන් දිනම සංකීර්ණ බවින් වැඩිවෙත්ම, විදුලි කෙටීම් වලින් ඒවාට වන හානියේ අවදානම වැඩිවී තිබේ. සංවේදී ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට සර්ජ් ප්‍රොටෙක්ටරයක් හරහා බල සැපයුම ලබාදීමෙන්, ඒවාට වන හානිය බොහෝදුරට වලකා ගත හැකිවෙයි. සර්ජ් ප්‍රොටෙක්ටරයකින් සිදුවන්නේ සැපයුම් වයරයන් දිගේ එන අහිතකර විදුලි ස්පන්දන එහි සැර බාලකර භූගත කර දැමීමයි. නමුත් කෙලින්ම වදින විදුලිසැර (Direct Lightening Strikes) වලින් කිසිම උපකරණයක් ආරක්ෂා කරගැනීමට නොහැකිවන අතර ඊට හොඳම විකල්පය වන්නේ විදුලි කොටන විට එම උපකරණ සැපයුම් වයරයන්ගෙන් ගලවා තැබීමයි. මෙහිදී සිහිතබා ගතයුතු වැදගත්ම කරුණ වන්නේ, අප සටන් වදින්නේ ස්වභාවධර්මය සමග බවයි.

මුලින්ම සර්ජ් (Surge) එකක් හඳුනාගනිමු. අප නිවෙස්වල භාවිතා වන්නේ වෝල්ට් 230 විදුලියයි. නමුත් ගෙදර යම් උපකරණ ක්‍රියාත්මක කරන විට අධි වෝල්ටීය විභවයන් නිවසේ විදුලි පද්ධතියට මුදාහරිනු ලබයි. ගෙදර බ්ලෙන්ඩරය, වායුසමීකරණ, වතුර මෝටරය ක්‍රියාත්මක කරනවිට වුව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන මුක්ත වෙයි. මීට අමතරව විදුලි කොටන අවස්ථාවන්වලදීද ඉතා බහුලව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන අප නිවෙසේ විදුලි පද්ධතියට ඇතුළු විය හැකිය. මෙමගින් ඉතා සංවේදී නවීන ඉලෙක්ට්‍රොනික උපාංග වලට දැඩි හානි සිදුවිය හැකිය. LCD/LED/Plasma TV, මයික්‍රෝවේව් උදුන්, ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක, HiFi සෙටප් පද්ධති, ජංගම දුරකථන, ශීතකරණ  වැනි අති සංවේදී ඉලෙක්ට්‍රොනික පද්ධති සහිත උපකරණ විදුලි කෙටීම් වලදී පහසුවෙන් පිලිස්සී යන්නේ මේ නිසාවෙනි.

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනය සමග එක්ව ඉතා විශිෂ්ට ඝනයේ සර්ජ් ප්‍රොටෙක්ටරයක් නිර්මාණය කර ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත්කර තිබේ. මෙය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උසස් තත්වයේ ඉලෙක්ට්‍රොනික උපාංග (High Quality Electronic components) වලින් නිමවා තිබේ.  දශක ගණනාවක් පුරා ලොවපුරා විද්‍යාඥයින් විසින් විදුලිකෙටීම් වල හැසිරීම් රටා ගැන සිදුකල පර්යේෂණ දත්තද උපයෝගී කරගනිමින්, අප සතු ඉංජිනේරු දැනුමද ප්‍රායෝගිකව යොදාගනිමින්,  බ්‍රාවෝ ක්ලීන්පවර් සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත.

CleanPower Mini උපකරණය කෙලින්ම බිත්තියට සවි කරන්න. ඉන්පසු ඔබගේ ආරක්ෂා කලයුතු ඉලෙක්ට්‍රොනික් උපාංග බ්‍රාවෝ ක්ලීන්පවර්  මිනි සර්ජ් ප්‍රොටෙක්ටරයේ ඇති ප්ලග් බේස් එකට සවි කරන්න. මෙම සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත්තේ 5A උපරිම විදුලි ධාරාවක් දැරීමට හැකිවන පරිදි නිසා, ඊට වැඩි ධාරවක් අවශ්‍ය උපකරණ සඳහා මෙය භාවිතා නොකරන්න. LED බල්බය නොදැල්වෙයි නම් ෆියුසයන් දෙකම පරික්ෂා කරන්න. ෆියුසයන් පිළිස්සී ඇති නම් 7A ෆියුසයක් මාරුකර නැවත භාවිතයට යොදාගන්න.

Fuse මාරු කිරීම

මෙම උපකරණය නිසි නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවානම් එල් ඊ ඩී බල්බ් එක දැල්විය යුතුය. එසේ නැති අවස්ථාවක ආසන්නතම දෝෂය වනුයේ  ෆියුසයන් එකක් හෝ දෙකම පිලිස්සී තිබීමයි. පහත රූප සටහනේ පරිදි  එක් ෆියුසයක් (Fuse 1) එළියෙන් ම ගැලවීමට හැකි අතර අනිත් ෆියුසය (Fuse 2) ඇම්පියර් 13 ප්ලග් එක තුල සවි කර ඇත.

  • ස්මාර්ට් ජංගම දුරකථන
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය CRT රූපවාහිනී
  • ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්ලට් පරිගණක
  • HiFi සෙටප් පද්ධති, සරෞන්ඩ් සවුන්ඩ් පද්ධති
  • ගෘහස්ත රෙදි මදිනයන්
  • මයික්රෝවේව් උදුන්, රයිස් කුකර්
  • ශීතකරණ, අධිශීතකරණ
  • වායුසමීකරණ (BTU 12,000 සහ ඊට අඩු)
  • සැටලයිට් TV පද්ධති
  • CCTV කැමරා පද්ධති
  • පරිඝනක ජාලගතකිරීමේ උපකරණ (Routers, Switches, Servers),
  • නිවාස ආරක්ෂණ පද්ධති
  • රැහැන් රහිත ඉන්ටර්කොම්
  • බ්ලෙන්ඩර්
  • විදුලි පංකා
  • වොට් 1200ක බල ධාරිතාවක්, 230 50Hz විදුලිය සඳහා නිෂ්පාදිතයි
  • IEC 61643 අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණ අනුකූලතාවය සඳහා සහතික කර ඇත.
  • ජූල් 200ක හෝ ඇම්පියර් 13,000ක අති ප්‍රබල අකුණු අවශෝෂණ හැකියාවක්
  • ද්විත්ව ෆියුසයන් සහ සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්
  • අදියර දෙකක සක්‍රීය අකුණු අවශෝෂණ පරිපථ
  • LED දර්ශකය. යුරෝපීය ප්‍රමිතිය
  • උපකරණ දෙකක් සමගාමීව ආරක්ෂා කිරීමේ හැකියාව
  • පූර්ණ වසරක වගකීමක් සහ විශ්වසනීය සේවයක්
  • ඉතා උසස් තත්වයේ, ආනයනික උපකරණ පරයන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්

සියලුම cleanpower මාදිලි සඳහා පාරිභෝගික අදහස්

අපගේ පරිගණක පද්ධතියන් ආරක්ෂා කිරීම් සඳහා bravo cleanpower අකුණු ආරක්ෂණ උපකරණ දැනට වසර හතක් පමණ අප පාවිච්චි කරමු.

E-රෝහල් දොම්පේ

Bravo cleanpower අකුණු ආරක්ෂණ උපකරණය ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සමාගම්ක්  භාවිතා කරනු ලබයි

Bravo Sales Team

විශිෂ්ට නිෂ්පාදනයකි. මෙය අපගේ ගුවන්විදුලි  ප්‍රති විකාශන මධ්‍යස්ථාන වල අකුණු ආරක්ෂාව සඳහා ලංකාවේ අකුණු අධික කඳුකර ප්‍රදේශවල භාවිතා කරනු ලබයි

සභාපති ශ්‍රී ලංකා ගුවන් ගුවන් විදුලි සංගමය.

0 Comments

0 Comments