ශීතකරණයෙන් 50% ක් ඉතුරු කරමු.

 

 විදුලිබල මණ්ඩලයේ සමීක්ෂණයන්ට අනුව මධ්‍යම පන්තික නිවසක විදුලිබිලෙන් 53%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ ශීතකරණයටයි. විදුලි ඒකක (KWh Units) වලින් ගතහොත් තනි දොර ශීතකරණ සඳහා ඒකක 20 – 30 අතර ප්‍රමාණයක් ද දොර දෙකේ ශීතකරණ සඳහා ඒකක 50 – 70 ප්‍රමාණයක්ද වැයවෙයි. ශීතකරණය දෝෂ සහිත නම් මෙම අගයන් මීට වඩා වැඩි විය හැකි වෙයි. මීට වසර ගණනාවකට පෙර ශීතකරණය අවශ්‍ය උපකරණයකට වඩා නිවසේ විසිත්ත භාණ්ඩයක් වී තිබිණ. එම අවධියේ වෙළඳපොලේ ඇති උසම හෝ දොරවල් වැඩිම හෝ මිල වැඩිම ශීතකරණ මිලදී ගෙන සාලය මැද තබා සියල්ලන්ටම ප්‍රදර්ශනය කිරීම අප කල දෙයකි. නමුත් එම වැරදි තෝරාගැනීමට දැන් අපට වන්දි ගෙවීමට සිදුවී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව වසර දහයක් පමණ කාලයක් තුල විදුලි බිල 4 ගුණයකින් පමණ වැඩිවී තිබේ. දැන් බොහෝ දෙනෙක් විදුලි බිල ගෙවා ගැනීමේ අපහසුව නිසා ශීතකරණය සම්පූර්ණයෙන්ම නිවා පැත්තකට දමා තිබේ.

මෙම තත්වයෙන් මිදීමට සහ ශීතකරණය නැවතත් භාවිතා කළහැකි උපකරණයක් බවට පත් කිරීමට බ්‍රාවෝ සොලුෂන්ස් ආයතනය “කිලර්වොට්” නමින් උපකරණ පෙළක් හඳුන්වා දී තිබේ. ඒ ගැන පසුව සඳහන් වෙයි.

ඔබ අලුතින්ම ශීතකරණයක් මිලදී ගන්නේ නම්

මුලින්ම කලයුතු වන්නේ ඔබගේ ශීතකරණය භාවිතා කරන ආකාරය ගැන දැනුවත් වීමයි. මේ සඳහා ගෙදර සියලු දෙනාගේ අදහස් විමසා, ඉතා නැණවත් තීරණයකට එළඹිය හැකිවෙයි. ඔබට තනි දොර ශීතකරණයකින් පිරිමසා ගත හැකිනම් දොර දෙකේ ශීතකරණයක් මිලදී ගැනීම නුවනට හුරු ක්‍රියාවලියක් නොවේ. කුඩා ප්‍රමාණයේ (මිනි ෆ්‍රිජ්) ශීතකරණයක් ප්‍රමානවත්නම් එය මිලදී ගැනීම ඉතාම යෝග්‍ය වෙයි. තවද ඔබ දෙමහල් නිවසක ජීවත් වන්නේනම් විශාල ශීතකරණ 1ක් වෙනුවට කුඩා ප්‍රමාණයේ ශීතකරණ 2ක් මිලදී ගෙන මහල් දෙකේ තැබීම තවත් අදහසකි. එමගින් ශීතකරණය අරින වාහන වාරගණන අවම කරගත හැකිවෙයි.

මීට අමතරව Inverter තාක්ෂණය සහිත ශීතකරණයක් මිලදී ගැනීමද දිගුකාලීනව වාසි ගෙනදෙයි. මෙහි මූලික වියදම වැඩි වුවත් සාමාන්‍ය ශීතකරණයකට වඩා 10% – 20% ප්‍රමාණයක් විදුලි බලය අඩුවෙන් වැයවෙයි. නමුත් මෙහි Inverter පරිපථය ඉතා මිල අධික නිසා දිගුකාලීන වගකීමක් සහිත ශීතකරණයක් මිලදී ගැනීම නුවනට හුරුවෙයි.

විදුලි ඒකක 50 - 70

විදුලි ඒකක 50 – 70

විදුලි ඒකක 20 - 30

විදුලි ඒකක 20 – 30

ඒකක 5 - 15

විදුලි ඒකක 5 – 15

තිබෙන ශීතකරණය වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන්නේ කෙසේද

1. ශීතකරණය විවෘත කිරීමේදී ඒ තුල ඇති ශීතල ඉතා පහසුවෙන් බාහිර පරිසරයට මුදා හරිනු ලබයි. කම්ප්‍රෙසරය ඉතා මහන්සියෙන් විදුලිය වැය කරමින් ඇතුලත ගොඩනගා ගත් ශීතල ඔබ ක්ෂණිකව නැතිකර දමයි. මෙම ශීතල නැවත ගොඩනගා ගැනීමට ශීතකරණයේ  කම්ප්‍රෙසරය යලිත් විදුලිය වැය කරමින් නොකඩවා වැඩ කල යුතුවෙයි. මෙම නිසා ශීතකරණයෙන් විදුලිය ඉතිරි කිරීමේ පළමු සහ වැදගත්ම පියවර වන්නේ එය අරින වාහන වාර ගණන හැකිතාක් අඩු කිරීමයි. කුඩා ළමුන් සිටින නිවසකනම් ශීතකරණය යතුරක් මගින් Lock කර තබා අවශ්‍ය අයෙක් පමණක් දොර ඇරීම සිදු කල යුතුවෙයි.

2. ශීතකරණය තුල විවිධ ද්‍රව්‍ය ක්‍රමානුකූලව ඇසුරුම් කිරීමෙන් ශීතකරණයේ දොර ඇර තිබෙන කාලය අවම කර ගත හැකිවෙයි. ගෙදර සියලුම දෙනා ශීතකරණය තුල තිබෙන විවිධ ද්‍රව්‍ය අසුරා තිබෙන නිශ්චිත ස්ථානයන් ගැන දැනුවත්ව සිටිය යුතු වෙයි. දොර ඇරීමෙන් පසු ඒ තුල තිබෙන ද්‍රව්‍ය සෙවීමට වඩා දොර ඇරීමට ප්‍රථම ඔබට අවශ්‍ය දේ ඇති තැන ගැන තීරණය කර තිබීම ඉතා වැදගත් වෙයි.

3. බොහෝ ශීතකරණවල බීඩිම කල්ගත වත්ම එහි ඇති නම්‍යශීලී බව නැතිවී යයි. බීඩිම සහ බඳ අතර අපද්‍රව්‍ය තැන්පත් වීමත් සුලභව දැකිය හැකිවෙයි. මෙම කාරණා දෙකෙන්ම සිදුවනුයේ ශීතල පිටතට කාන්දු වීමයි. මෙය ඉතා සුළු වශයෙන් සිදුවුවත් දවස පුරා සිදුවෙන නිසා සැලකිය යුතු විදුලි බලයක් අපතේ යාමකි. බීඩිම මාස 3කට වරක්වත් හොඳින් පිරිසිදු කර තබා ගත යුතු වෙයි. මෙම ක්‍රියාවෙන් පමණක් ශීතකරණයෙන් 7% ක් දක්වා ඉතිරි කල හැකිවෙයි.

4. ඔබගේ ශීතකරණයේ ඇතුලත ඉතාමත් හිස් නම්, පාවිච්චි නොකරන රාක්ක වලට රිජිෆෝම් කුට්ටි වැනි ද්‍රව්‍ය දමා ශීතකරණය තුල තිබෙන වාත පරිමාව අවම කිරීම කල හැකිවෙයි. මෙය එතරම් ප්‍රයෝගික ක්‍රියාවක් නොවූවත්, ප්‍රතිඵල ගෙනදෙන ක්‍රියාවකි.

5. ඔබගේ ශීතකරණයේ අභ්‍යන්තර උෂ්ණත්ව පාලකය (Thermostat) අවශ්‍ය අවම අගයක පවත්වා ගැනීමෙන්ද විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි වෙයි. උදාහරණ ලෙස ඔබට අයිස් කැට අනවශ්‍ය කාලයකදී උෂ්ණත්ව පාලකය අවම අගයකට සකසා තැබිය හැකිවෙයි.

6. බ්‍රාවෝ සොලූෂන්ස් දේශීයව නිපදවන කිලර්වොට් උපකරණයක් සවි කිරීමෙන් ඕනෑම ශීතකරණයට වැයවෙන විදුලියෙන් 50% දක්වා ඉතා පැහැදිලි ලෙස අඩු කරගත හැකිවෙයි. 0770883403 අමතා විස්තර ලබාගන්න.

වායු සමීකරණයෙන් 80% ක් ඉතුරු කරමු

Air Conditioner

නිවසේ ඇති විදුලි උපාන්ගවලින් වැඩියෙන්ම විදුලිය වැය වන්නේ වායු සමීකරනයටයි. පැය 8ක් පමණක් භාවිතා කලද මසකට විදුලි ඒකක 80ක් හෝ වැඩි ප්‍රමාණයක් AC උපකරණය සඳහා වයවෙයි. අප රටේ විදුලිබිල වැඩිවීම නිසා බොහෝ AC උපකරණ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර තැබීමේ තත්වයක් උදා වී තිබේ.

බ්‍රාවෝ සොලුෂන්ස් හඳුන්වා දෙන කිලට්වොට් ප්‍රෝ 15A  උපකරණය භාවිතා කිරීමෙන් වායු සමීකරණ සඳහා වැයවෙන විදුලිබිල 80% දක්වා අඩුකිරීමට හැකියාව තිබේ. කිලර්වොට් ප්‍රෝ උපකරණය ඩිජිටල් පවර් ගාඩ් එකකින්ද සමන්විත වන නිසා වායුසමීකරණයට ආරක්ෂාව සැපයීමත් විදුලිබිල අඩුකිරීමත් එකම උපකරණයකින් සිදුවේ.

වතුර උණු කිරීම

Vaccum Tube Solar Water Heater

අද කාලයේ විවිධ අවශ්‍යතා සඳහා උණුවතුර භාවිතා කරමු. වතුර උනුකිරීම සඳහා විදුලිබලය පාවිච්චි කිරීම ඉතාමත් වියදම් අධික කාර්යයකි. හොට්ප්ලේට්, ගීසර්, හීටර් කොයිල්, ඉලෙක්ට්‍රික් කෙට්ල් වෙනුවට Solar Water Heater පද්ධතියකට මාරු වීම කාලෝචිත වේ. එමගින් ඔබගේ නිවසේ උණුවතුර අවශ්‍යතාවය 90%ක් පමණ පිරිමසා ගැනීමට හැකිවෙන අතර විදුලිබිල බෙහෙවින් අඩු කර ගැනීමට මෙය ඉවහල් වෙයි. සූර්ය උණු වතුර පද්ධතියෙන් වතුර ගෙන තේ සෑදීම වැනි කටයුතු සඳහා විදුලි කේතලයක් භාවිතා කිරීමෙන් ඉතා අඩු විදුලියකින් ජළය නටවා ගත හැකිවෙයි.

මෙලෙසම මදක් උණු වතුර රෙදි සෝදන යන්ත්‍රයට දැමීමෙන් අඩු සබන් ප්‍රමාණයකින් ඉතා හොඳින් රෙදි සෝදාගත හැකිවෙයි. මෙලෙසම උණු වතුරෙන් ඉඳුල් භාජන සේදීමෙන් සබන් නොමැතිව වුවද තෙල් කුණු පහසුවෙන් ඉවත් වෙයි.

සූර්ය උණු වතුර පද්ධති බොහොමයක් අද වෙළඳපොලේ අලවියට තිබේ. රූපසටහනේ දැක්වෙන ආකාරයේ රික්තක බට සහිත වඩා කාර්යක්ෂම  Solar Water Heater පද්ධති අපගේ නිර්දේශයයි.

සිවිලිමේ සවිකරන විදුලි පංකා (Ceiling Fan)

Ceiling fan

Rotary ක්‍රමයේ අධිකව විදුලිය වැයවෙන වේග පාලකය

Rotary ක්‍රමයේ අධිකව විදුලිය වැයවෙන වේග පාලකය

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලාංකික අපට විදුලි පංකාව අත්‍යවශ්‍ය විදුලි උපකරණයක් වී තිබේ. දිවා කාලයේ අධික රස්නයෙන් මිදීමටත්, රාත්‍රී කාලයේ මදුරුවන් පන්නා දැමීමේ උපකරණයක් ලෙසත් සීලින් විදුලි පංකා භාවිතා වන බව නොරහසකි. නමුත් සාමාන්‍ය  සීලින් විදුලි පංකාවක් වොට් 80ක් පමණ වැය කර දමයි. දිනකට පැය 8ක් පාවිච්චි කරන මෙවැනි විදුලි පංකාවක් මසකට විදුලි ඒකක  19ක් පමණ වැය කර දමයි. කාමර 3ක මෙවැනි විදුලි පංකා සවිකර පාවිච්චි කරයිනම් මසකට ඒකක 55ක් පමණ වැය වෙයි. වේග පාලනය සඳහා ස්විචයක් සහිත වේග පාලකයක් (Rotary Switch) භාවිතා වෙයිනම්, අවම වේගයෙන් ක්‍රියාත්මක කලද, සැලකිය යුතු විදුලි ඉතිරියක් නොවේ. එබැවින්, Phase Control තාක්ෂණය සහිත Electronic වේග පාලකයක් භාවිතා කිරීමෙන් අවම වේගයෙන් ධාවනය වනවිට 60% පමණ විදුලි ඉතිරියක් ලබාගත හැකිවෙයි.

Electronic වේග පාලකය

Electronic වේග පාලකය

කෙසේනමුත් සීලින් විදුලි පංකා වෙනුවට සිටුවන විදුලි පංකා (Pedestal Fan) භාවිතා කිරීමෙන් 50% ක පමණ විදුලි ඉතිරියක් ළඟ කරගත හැකිවෙයි.  සිටුවන විදුලි පංකා සඳහා වැයවෙන්නේ වොට් 40ක් පමණ අඩු විදුලියකි. සීලින් විදුලි පන්කාවන්ගෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතිබව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමයි.

විදුලි පංකා ඝර්ෂණය

ඕනෑම යාන්ත්‍රික උපකරණයක් මෙන්ම විදුලි පන්කාවේද ඝර්ෂණය, එහි විදුලි වැයවීම කෙරෙහි බලපායි. සාමාන්‍යයන් විදුලි පංකාවක් නවතා ඇතිවිට අතින් මඳක් කරකැවූ විට ඝර්ෂණයෙන් තොරව වට කිහිපයක්වත් කරකැවී සෙමෙන් නතර විය යුතුය. එසේ නොමැතිව කරකැවීමට ඝර්ෂණයක් පෙන්වයිනම්, එම ඝර්ෂණය අබිභවා යාමට සැලකිය යුතු විදුලි බලයක් අපතේ යයි. එලෙසම විදුලි පංකාව රත්වීමට ලක්වෙයි. මෙම තත්වය වහාම නිවැරදි කරගත යුතුය. බොහෝවිට බාල විදුලි පන්කාවල ඇති ලිහිසි ද්‍රව්‍ය කල්ගතවනවිට ඝන තත්වයකට පත්වීම මීට ආසන්නතම හේතුවයි.

මීටත් වඩා විදුලි බලය 90% කින් පමණ ඉතුරු කරන විදුලි පංකාවක් නිර්මාණය කිරීම කෙරෙහි බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනය සමග එක්ව මේ වනවිට පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටී. එම පරීක්ෂණ සාර්ථක වුවහොත්, විදුලි පංකා භාවිතයේ පෙරලියක් දැකගැනීමට හැකි වනු ඇත.

Standby විදුලි වැයවීම

බොහෝවිට අප නිවෙස්වල රූපවාහිනිය, සෙටප් එක, DVD ප්ලේයරය, Satellite TV රිසීවරය, TV බූස්ටර් එක යනාදී සියලුම උපකරණ එකම ස්ථානයක තබා එකම බහුවිධ පේනු පද්ධතියකට (Multi Port power cord) සම්බන්ධ කර තිබේ. එසේ කරනුයේ එකම ස්විචයකින් සියලුම උපකරණ Standby ON කිරීමට සලස්වා පසුව අපට අවශ්‍ය උපාංගය පමණක් දුරස්ථ පාලකය (remote controller) මගින් බලගැන්වීමට හැකි පහසුව නිසාය. මෙම ක්‍රමය පහසු වුවත් බලශක්ති ඉතිරිකිරීම අතින් ඉතාම අකාර්යක්ෂම වෙයි. ඊට හේතු විමසා බලමු

රූපවාහිනී සෙටප් පද්ධතියක්

ඕනෑම විදුලි උපකරණයක් Standby mode එකේ තිබෙන විටදීද විදුලි බලය වැය කරයි. එය වොට් 4 සිට 25 පමණ උපකරණයෙන් උපකරණයට වෙනස් වෙයි. ගෙදරක මෙවැනි උපකරණ කිහිපයක් standby mode එකේ තිබේනම් සැලකියයුතු විදුලිබලයක් වැයවෙයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයට රුපවාහිනී නරඹා දුරස්ථ පාලකයෙන් පමණක් OFF කරන්නේ නම්, පසුදින රාත්‍රිය දක්වාම බූස්ටරය ඇතුළු ඊට සම්බන්ධක සියලුම උපකරණ standby ව තිබී විදුලිබලය නාස්තිකර දමයි. මෙය වැළැක්වීමට හැකිනම් දළ වශයෙන් මසකට විදුලි ඒකක 5 සිට 20 දක්වා ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවෙයි. ඔබගේ ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයද මෙසේමයි. හැකි සෑමවිටම එය Standby නොකර Shut Down කර තැබීමෙන් විදුලිය ඉතිරි කර ගත හැකිවෙයි.

ඒ සඳහා කලයුතුවන්නේ රූපවාහිනී නැරඹීමෙන් පසු ප්‍රධාන ප්ලග් එකෙන්ම OFF කර දැමීමයි. බ්‍රාවෝ සොලූෂන්ස් හඳුන්වාදෙන ඩිජිටල් පවර්ගාඩ් සහිත කිලර්වොට් ප්‍රෝ උපකරණයේ P0 සරල ටයිමරය භාවිතයෙන්ද මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරගත හැකිවෙයි.

LED විදුලි බුබුළු වලට මාරුවීම

සූත්‍රිකා බල්බ

CFL හෝ ටියුබ් ලයිට් ඒමට ප්‍රථම අප භාවිතා කලේ සූත්‍රිකා බල්බයන්ය (Filament Bulb). විදුලිය මගින් සූත්‍රිකාව ගිනියම් වනතෙක් රත්කර එයින් ලැබෙන ආලෝකය, ආලෝකය වශයෙන් ලබාගැනේ. මෙහිදී විශාල තාපයක්ද ජනනය වෙයි. බොහෝවිට මෙමෙ බල්බයන්ට ලබාදෙන ශක්තියෙන් 90%ක් ම වැයවෙන්නේ කිසිම වැඩකට නැති තාපය ජනනය කිරීම සඳහායි. නිවසක 60W වැනි මෙවැනි බල්බ 10ක් පමණ දිනකට පැය 6ක් භාවිතා වුනොත්, මසකට අපතේ යන විදුලි ඒකක ගණන 97ක් පමණ වෙයි. එබැවින් සූත්‍රිකා බල්බ අද සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙමින් පවතී.

CFL බල්බ වැඩි කාර්යක්ෂමතාවකින් යුතු නිසා, අද සෑම නිවසකම භාවිතයේ පවතී. නමුත් CFL බල්බවල අභ්‍යන්තරයේ ඇති රසදිය පරිසරයට එක්වීමෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වනබව දැන් සොයාගෙන තිබේ. CFL බල්බයන් පිළිස්සූ විට එය අලුත්වැඩියා කිරීම ඉතා අපහසුවේ.

LED Bulb

LED බල්බ වල ප්‍රධාන වාසි 2කි. බල්බ (LED Chips) පිළිස්සුනු විට ඒවා ප්‍රතිස්ථාපනය කල හැකිවෙයි. මෙමනිසා බල්බය ඉවත නොදමා පරිසර හිතකාමී ලෙස නැවත නැවතත් වසර ගණනාවක් පාවිච්චි කල හැකිවෙයි. අනෙත් වාසිය වන්නේ CFL බල්බ වලට වඩා 10% -20% ක් පමණ විදුලිය ඉතිරි වීමයි. LED බල්බ මිලදී ගැනීමේදී ශී ලාංකික අපට මුහුණපාන්නට වන ප්‍රධානතම ගැටලුව තත්වයෙන් බාල LED බල්බ වලට රැවටීමයි. මිලදී ගැනීමේදී ඔබ කලයුතු වන්නේ අවම වශයෙන් වසරක්වත් වගකීමක් සහිත විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගැනීමයි. බොහෝ බාල LED බල්බ වල ආලෝකය මාස 2ක් පමණ ගතවන විට අඩුවී යයි. එමෙන්ම LED Chips පිලිස්සී යයි. එපණක් නොව එමගින් නිකුත්වන අහිතකර RF Interference තරංග නිසා ඔබගේ රූපවාහිනියේ ඉරි යාම, ගුවන්විදුලියේ විවිධ ගෝෂාකාරී ශබ්ද ඇසීම වැනි දේ සුලභව සිදුවේ. එමනිසා ඔබ එක LED බල්බයක් පමණක් මිලදී ගෙන පරීක්ෂා කර බලා ඉහත ගැටළු නැතිනම් පමණක් එම වර්ගයේම තවත් LED බල්බ මිලදී ගත හැකිවෙයි.

රෙදි මැදීම ක්‍රමවත් කරමු.

විදුලි ඉස්තිරික්කය

Iron එක රත් කිරීමට කිලෝවොට් 1.2ක පමණ අධික ශක්තියක් වැයවෙයි. එමෙන්ම එය සිසිල් කරනවිට ඒ තුල ගබඩා කරගත් තාප ශක්තිය බොහෝ වෙලාවක් තුල බාහිර පරිසරයට මුදා හරිනු ලබයි. දිනකට මෙම ක්‍රියාවලිය කිහිපවරක් සිදු කරන්නේනම් සැලකියයුතු ශක්තියක් අපතේ යයි. එමනිසා නිවසේ රෙදි සියල්ලම එකවර මැදගැනීමට පුරුදුවන්නේ නම්, එය මසකට විදුලි ඒකක 5ක් පමණ ඉතිරි කරගැනීමේ සාර්ථක ඉදිරි පියවරකි.

දැනට වෙළඳපලේ විවිධ මාදිලියේ iron වර්ග මිලදී ගත හැකිවෙයි. එයින් Non-Stick වර්ගයේ පතුලක් සහිත සැහැල්ලු iron සඳහා තරමක් අඩු විදුලිබලයක් වැයවෙයි. මෙම වර්ගයේ iron වල steam (වාෂ්ප) නිකුත් කිරීමේ හැකියාවක් පවතී. නමුත් වාෂ්ප අනවශ්‍ය අවස්ථාවක ඒතුල ඇති ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර තැබිය යුතුවේ. මීට හේතුව වන්නේ අනවශ්‍ය ලෙස ජලය රත්කර වාෂ්ප කිරීමට වැයවන විදුලිය ඉතිරි කරගැනීමයි.

තවත් සුලභව විදුලිය නාස්ති වන අවස්ථාවක් වන්නේ, iron එක OFF කිරීමට අමතක වීමෙන්, ඇතැම්විට දින ගණනක් පවා එය නොදැනුවත්වම ON වී තිබීමයි. මෙය වැළැක්වීමට පහසුම ක්‍රමය බ්‍රාවෝ සොලූෂන්ස් හඳුන්වාදෙන KillerWATT Lite උපකරණයේ Basic Timer හරහා iron එක පනගැන්වීමයි. එවිට ඔබට අමතක වුනත් කිලර්වොට් ලයිට් මගින් iron එක නිශ්චිත කාලයකදී සම්පූර්ණයෙන්ම OFF කර දමයි. මෙමගින් ඔබගේ අමතකවීම නිසා අපතේ යා හැකි විශාල විදුලි බලයක් ඉතිරි කර ගත හැකිවෙයි.

ජංගම දුරකථන, PDA, Tablet PC වැනි උපකරණ චාජ් කිරීම සහ බුද්ධිමත් භාවිතය.

අප භාවිතා කරන ජංගම දුරකථන Tablet වැනි උපාංග නිතරම චාජ් කල යුතුවෙයි. ඔබ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේනම් බොහෝවිට දිනකට දෙවරක් හෝ චාජ් කල යුතු වෙයි. ස්මාර්ට් ෆෝන් වල ඇති GPS, 3G, Wifi, Bluetooth වැනි සේවාවන් බැටරි බලය බෙහෙවින් වැයකර දමයි. එමනිසා එම සේවාවන් භාවිතා නොකරන විටදී OFF කර තැබීමෙන් බැටරි බලය කාලයක් පවත්වා ගතහැකි වෙයි. මීට අමතරව බොහෝ උපකරණවල ඇති Auto Standby වැනි විශේෂාංග සක්‍රීය කරගත යුතුවෙයි.

ඉහත උපකරණ චාජ් කිරීමේදී අවශ්‍ය කාලය පමණක් චාජ් කිරීම කලයුතු වෙයි. අප බොහෝ දෙනෙක් නින්දට යනවිට චාජරය සම්බන්ධ කර තැබීමට පුරුදුව සිටිමු. එය බොහෝ අවිධිමත් ක්‍රියාවකි. එක් අතකින් උපකරණවල බැටරිය Over Charge වී රත්වී එහි ආයුකාලය අඩුකර දමයි.අනෙක් අතින් විදුලිය අපතේ යයි.එමනිසා දිවා කාලයේදී ඔබගේ අධීක්ෂණය යටතේ නිශ්චිත කාලයක් පමණක් චාජ් කර විසන්ධි කර දැමීම කල යුතුවෙයි. නොඑසේනම් බ්‍රාවෝ සොලූෂන්ස් KillerWATT උපකරණයක් හරහා නිශ්චිත කාලයකට Time කර ඔබගේ වටිනා උපකරණ චාජ් කිරීම කල හැකිවෙයි.