DigiGUARD 13A

ඩිජිටල් පවර්ගාඩ් උපකරණය

Download PDF Datasheet

මිල රු. 4,500

සියලු බදු සහිතව
මිලදී ගැනීම

විස්තරය

බ්‍රාවෝ “ඩිජිගාර්ඩ්” ඉංජිනේරු නිර්මාණය සහ නිෂ්පාදනය ශ්‍රී ලාංකික බ්‍රාවෝ සොලුෂන්ස් ආයතනයෙනි. තවද ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනයේ තාක්ෂණික සහය සහ අධීක්ෂණයද මේ සඳහා ලැබී තිබේ. යුරෝපීය ප්‍රමිතියට අනුකූල ශ්‍රී ලාංකික නිපැයුමක් වන මෙය 230V සැපයුමේ අධි වෝල්ටීයතා(High Voltage), අඩු වෝල්ටීයතා(Low Voltage) ආරක්ෂාව මෙන්ම අධිබල ආරක්ෂාව(Overload protection) ඔබගේ වටිනා විදුලි උපකරණ වලට නිරතුරුව ලබාදෙයි.

මීට අමතරව ක්ෂණික විදුලි බිඳවැටීම් වලින් විදුලි උපකරණ ආරක්ෂා කරන බලසැපයුම් ප්‍රමාදකරනයක්ද(Startup Delay) මීට අන්තර්ගතයි. සැපයුම් වෝල්ටීයතාවය ආරක්‍ෂිත වෝල්ටීයතා පරාසයෙන් පිටතට ගිය විගසම බ්‍රාවෝ  “ඩිජිගාර්ඩ්” එයට සම්බන්ධක උපකරණය විදුලියෙන් විසන්ධි කර ඊට ආරක්ෂාව සපයයි. නැවතත් සැපයුම් වෝල්ටීයතාවය ආරක්‍ෂිත වෝල්ටීයතා පරාසයට ඇතුලු වූ විගසම සම්බන්ධිත උපකරණය බල ගන්වනු ලැබේ.  මෙහි ක්‍රියාකාරිත්වය ආතර් සී ක්ලාර්ක් ආයතනය මගින් සහතික කර තිබේ..

මෙහි සියලු පාලන කටයුතු අති ප්‍රබල DSP තාක්ෂණයද සහිත මයික්‍රෝ ප්‍රොසෙසර් උපකරණයකිනි. එමනිසා ඉතා ක්ෂණික වෝල්ටීයතා වෙනස්වීම් වලට වුව එවෙලේම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, වෙළඳපොලේ ඇති ප්‍රමිතියෙන් තොර අඩුමිල ආනයනික පවර්ගාඩ් අබිභවා යන එක් විශේෂත්වයකි. තවත් විශේෂත්වයක් වන්නේ සැපයුම් වෝල්ටීයතාවයේ ස්ථාවරත්වය හෝ එහි වෙනස්වීම් පැහැදිලිව ඩිජිටල් දර්ශක තිරය මත ප්‍රදර්ශනය කිරීමයි.

තාක්ෂණිකව මෙය ඉතා අඩුමිල සරල පවර්ගාඩ් උපකරණ මෙන් භූගත වයරය (Earth) මත යැපීම හෝ ධරාවේ වෙනසට පමණක් සංවේදීවීමක් (Current imbalance reacting) සිදු නොවෙයි. එමනිසා අජීව වයරය (Neutral) විසන්ධි වීමකදී වන අධික වෝල්ටීයතා නැගීමක් වුව ක්ෂණිකව හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වයි. මෙහි භාවිතා කර ඇති නවීනම ඩිජිටල් තාක්ෂණය ඔබගේ වටිනා විදුලි උපකරණවලට විශ්වාෂනීය ආරක්ෂාවක් සහතික කරයි.

සවිකිරීම සහ නිවැරදි භාවිතය

බ්‍රාවෝ “ඩිජිගාඩ්” සවිකලයුත්තේ වියලි, දූවිලිවලින් තොර එමෙන්ම කුඩා ළමුන්ට ඇල්ලීමට නොහැකි ස්ථානයකයි. බිත්තියට සවිකිරීම අපේ නිර්දේශය වන අතර කිසිවිටෙකත් බිම මත නොතබන්න.

මෙයට විදුලිබලය ලබාදීමේදී මුලින්ම UP/DOWN බොත්තම් ආධාරයෙන් භාවිතා කරන ක්‍රමවේදය (Operating mode) තෝරාගන්න.

වැඩිදුර විස්තර උපදෙස් පත්‍රිකාවේ සඳහන් වෙයි.

ආරක්ෂා කළහැකි උපකරණ 

  • ශීතකරණය, අධිශීතකරණය, බෝතල් ශීතකරණය
  • වායු සමීකරණය (BTU 12000 ට අඩු)  
  • කුඩා මිනි-බාර් ශීතකරණය
  • LED/LCD/Plasma රූපවාහිනී
  • සාමාන්‍ය රූපවාහිනී 
  • UPS 
  • පරිගණක,  ලැප්ටොප්, ටැබ්ලට්  
  • CCTV කැමරා DVR සහ උපාංග
  • වතුර පොම්ප
  • බ්ලෙන්ඩර්මික්සර්
  • මයික්‍රෝවේව් උදුන්

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්. 5A රවුම් පින් සහ 13A හතරැස් පින් සහිත විදුලි උපකරණ සම්බන්ධ කිරීමේ හැකියාව.
  • බහුවිධ (Multifunction) LED තිරයක්.
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • අධි වෝල්ටීයතා ආරක්ෂාව
  • අඩු වෝල්ටීයතා ආරක්ෂාව
  • සියලු පාලන කටයුතු අති ප්‍රබල මයික්‍රෝ-ප්‍රොසෙසරයකින්
  • බලගැන්වීම ප්‍රමාදකරණය සහ අවශ්‍ය විට ක්ෂණික බලගැන්වීම
  • එලාම් දර්ශකය
  • වෝල්ටීයතා දර්ශක
  • අධිබල ආරක්ෂාව