Image result for patented logo

KillerWATT Std 5A

අගය වෙනස්කල හැකි බලශක්ති සංරක්ෂණ උපකරණය

මිල රු 4,900

සියලු බදු ඇතුලත්ව
මිලදී ගැනීම

කිලර්වොට් හඳුන්වාදීම

හඳුන්වාදීම

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 6ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය  සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

“කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර  1200W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

මේ සමග සපයා ඇති පවර් කෝඩ් එක සිදුර තුලට හොදින් කාවදින ලෙස සම්බන්ධ කල යුතුය. නොඑසේනම් විදුලි සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවන අතර, පවර් කෝඩ් එක උපකරණයෙන් ගැලවී යාමටද ඉඩ තිබේ.

මෙය පොලව මට්ටමේ සිට ආදී 3ක් වත් උසින් සවි කල යුතුවෙයි. ඊට හේතුව, කුඩා ළමුන්ට  මෙහි අගයන් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ නොතැබීමත්, උඩින් සවිකළ විට මෙහි LED දර්ශන තිරය පහසුවෙන් ප්‍රදර්ශනය වීමත්ය. මෙම උපකරණය කිසිවිටකත් පොලව මත නොතැබිය යුතුය. ඊට හේතුව දූවිලි අපද්‍රව්‍ය මෙහි අභ්‍යන්තරයට ගොස් ඉලෙක්ට්‍රොනික පරිපථ වලට හානි පැමිණිය හැකි වීමයි.

වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න.

ඔබට සුදුසුම බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදය ඔබ විසින්ම තෝරා ගත යුතුවෙයි. එය අභ්‍යන්තර මතකයට ගබඩා කර ඇති අගයන් 9 න් එකක් වෙයි. මෙම අගය තෝරා ගැනීමේ ක්‍රමවේදය උපදෙස් පත්‍රිකාවේ සවිස්තරාත්මකව දක්වා ඇත.

ඔබ ශීතකරණයට දැනටමත් පවර් ගාඩ් උපකරණයක් සවිකර ඇත්නම්, පවර්ගාඩ් උපකරණයෙන් පසු කිලර්වොට් Std 5A, වෙත සැපයුම් විදුලිය ලබා දෙන්න.

අපගේ කිලර්වොට් ප්‍රෝ මාදිලියේ අභ්‍යන්තරයේ පවර්ගාඩ් උපකරණයක්ද සවිකර ඇති නිසා, විදුලිය ඉතිරි කිරීමත් ශීතකරණයට ආරක්ෂාව සැපයීමත් යන කරුණු දෙකම එක උපකරණයකින් සැලසෙයි.

විදුලිය ඉතිරි කිරීමේ භාවිතයන්

  • ශීතකරණය
  • අධිශීතකරණය
  • බෝතල් ශීතකරණය
  • මිනි බාර් ශීතකරණය
  • සිටුවන විදුලි පංකාව
  • මාළු ටැංකි ඔක්සිජන් පොම්ප 
  • ඉස්සන් පොකුනුවල ඔක්සිජන් පොම්ප
  • නලලිං පොම්ප

(ඉහත) කිලෙර්වොට් තාක්ෂණය ජාතික රූපවාහිනියෙන් හඳුන්වා දුන් අවස්ථාව. මෙහි ක්‍රියාකාරීත්වයද සරලව පැහැදිලි කෙරේ.

විශේෂාංග

    • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
    • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
    • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
    • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
    • සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
    • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.
    • බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
    • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව

වසර 4ක පමණ කාලයක් ‘කිලර්වොට්’ භාවිතයෙන් විදුලිබිල සැලකිය යුතු ලෙස අඩු විය.

කපිතාන් මෙල්වින් කුලකුලසූරිය

ගුවන් නියමු, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

කිලර්වොට් උපකරණ කිහිපයක් පවුලේ භාවිතා වන අතර, ප්‍රකාශිත පරිදි විදුලි ඉතිරියක් සිදුවෙයි.

නිශාන්ත සඳලාල්

නීතිඥ, අවිස්සාවේල්ල

කිලර්වොට් උපකරණ 15 කට අධිකව මගේ පවුලේ හිතවතුන් අතර භාවිතා වෙයි. විදුලි බිල නොසිතන ආකාරයට අඩුවී තිබෙයි. බෙහෙවින් නිර්දේශ කරමි.

අයිවන් පෙරේරා

අයිතිකරු, අයිවන් ඉලෙක්ට්‍රෝ සොලුෂන්ස් 0773438122

බෝතල් ශීතකරණය සඳහා කිලර්වොට් භාවිතා කිරීමෙන් විදුලිබිල ඉතා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

පබෝදා ග්‍රෝසරිය

අයිතිකරු, යක්කල

ආහාරවල තත්වය එලෙසින්ම පවත්වාගනිමින් විදුලිබිල අඩුකිරීමේ හැකියාව කිලර්වොට් සතුව පවතී.

බන්දුල අමරකෝන්

වෛද්‍ය , මූලික රෝහල මහනුවර

පුවත්පත් සහ ප්‍රචාරක දැන්වීම්