Image result for one year warranty logo

   Accepted Payments

Related imageRelated imageRelated image

කිලර්වොට් ලයිට් 13A

 මෙමරිය සහිත සරල ටයිමරය

මිල රු 3,500

මිලදී ගැනීම
  •    

හඳුන්වාදීම

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණ පෙළ හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණ, දැනට වසර 6ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය  සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. කිලර්වොට් ලයිට් 13A උපකරණය භාවිතා කල හැකිවන්නේ බලශක්ති නාස්තිය පාලනය කිරීම සඳහායි.

කිලර්වොට් ලයිට් 13A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර  3000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම සම්බන්ධිත උපකරණයට න්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය සම්බන්ධිත උපකරණයේ රක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

මේ සමග සපයා ඇති පවර් කෝඩ් එක සිදුර තුලට හොදින් කාවදින ලෙස සම්බන්ධ කල යුතුය. නොඑසේනම් විදුලි සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවන අතර, පවර් කෝඩ් එක උපකරණයෙන් ගැලවී යාමටද ඉඩ තිබේ.

මෙය පොලව මට්ටමේ සිට ආදී 3ක් වත් උසින් සවි කල යුතුවෙයි. ඊට හේතුව, කුඩා ළමුන්ට  මෙහි අගයන් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ නොතැබීමත්, උඩින් සවිකළ විට මෙහි LED දර්ශන තිරය පහසුවෙන් ප්‍රදර්ශනය වීමත්ය. මෙම උපකරණය කිසිවිටකත් පොලව මත නොතැබිය යුතුය. ඊට හේතුව දූවිලි අපද්‍රව්‍ය මෙහි අභ්‍යන්තරයට ගොස් ඉලෙක්ට්‍රොනික පරිපථ වලට හානි පැමිණිය හැකි වීමයි.

වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න.

කිලර්වොට් ලයිට් 13A උපකරණයේ තවත් එක් වැදගත් භාවිතයක් වන්නේ, ලැප්ටොප් , ටැබ්ලට් පරිඝනක මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන වල බැටරි ආයු කාලය වැඩි කරගැනීමටයි. නියමිත කාලයකට පසු චාජරය OFF කිරීමට සැලැස්වීමෙන් බැටරිය අනවශ්‍ය ලෙස රත්වීම වලකා එහි ආයුකාලය වැඩි කරගත හැකිවෙයි. 

බලශක්ති නාස්තිය වලකා ගැනීමට භාවිතා කළහැකි උපකරණ 

  • බත් පිසිනය

  • රෙදි මදිනය

  • ලැප්ටොප් පරිඝනක

  • ටැබ්ලට් සහ ස්මාර්ට් ජංගම දුරකථන 

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • අපගේම  තාක්ෂණයක්.
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්.
  • සවිකළ උපකරණය  නියමිති කාලයකදී විසන්ධි කිරීමෙන් කරන ප්‍රත්‍යක්ෂ විදුලිබිල පාලනය
  • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ උපකරණය ආරක්ෂා කිරීම.
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව