කිලර්වොට් ප්‍රෝ 13A භාවිතය

කිලර්වොට් ප්‍රෝ 13A උපකරණයේ කාල සැකසුම් අගයන් ඔබටම වෙනස් කරගත හැකි නිසා ශීතකරණ සහ අධි ශීතකරණ වලට අමතරව වෙනත් බොහෝ උපකරණ සඳහා මෙය භාවිතා කල හැකිවෙයි. මෙය විවිධ වර්ග වල විදුලි පංකා, බින්දු ජල සැපයුම් පද්ධති, නළ ලිං පොම්ප, මාළු ටැංකි වල ඔක්සිජන් පොම්ප ආදී බොහෝ උපකරණ වල විදුලි බිල පාලනය සඳහාද  යොදාගත හැකිවෙයි.

“කිලර්වොට් ප්‍රෝ” හි ඇතුලත් කර ඇති පවර් ගාඩ් පරිපථය, ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයකට ආරක්ෂාව සැපයීමට යොදාගත හැකිවෙයි. LED TV, මයික්‍රෝවේව් උදුන්, ජල පොම්ප, රෙදි සෝදන යන්ත්‍ර, ස්ටීරියෝ සෙටප් වැනි බොහොමයක් උපාංග සඳහා කිලර්වොට් ප්‍රෝ 13A, පවර් ගාඩ් එකක් ලෙස යොදාගත හැකිවෙයි.

එක් කිලර්වොට් ප්‍රෝ පවර් ගාඩ් උපකරණයක් ඇතිවිට එහි දැක්වෙන සැපයුම් වෝල්ටීයතාවය පිරික්සා බලා වෙනත් උපකරණ පාවිච්චි කිරීමට සුදුසු දැයි ඔබටම තීරණය කරගත හැකිවෙයි. උදාහරණයක් ලෙස ඔබගේ LED රුපවාහිනියට සවිකර ඇති බ්‍රාවෝ කිලර්වොට් ප්‍රෝ පවර්ගාඩ් එකේ අඩු වෝල්ටීයතාවයක් දැක්වෙන විට ගෙදර වතුර මෝටරය ක්‍රියාත්මක නොකිරීමෙන් එය ආරක්ෂා කර එහි කල්පැවත්ම වැඩිකරගත හැකිවෙයි.

 

KillerWATTPro 13A ශීතකරණ සහ අධිශීතකරණ සඳහා ක්‍රමවත්ව හාවිතා කරන ආකාරය 

මුලින්ම P1 ක්‍රමවේදය තෝරාගන්න.

ඔබගේ ශීතකරණයේ ඇති උෂ්ණත්ව පාලකය මෙන් කිහිප ගුණයකින් බලශක්තිය ඉතිරි කිරීමේ හැකියාවක් KillerWATTPro  සතුවෙයි. එය සිදුකරනුයේ ක්‍රමානුකූලව ශීතකරණය වරින්වර සුළු කාලයක් OFF කර තැබීමෙනි. උදාහරණයක් ලෙස ශීතකරණය විනාඩි 40ක් ON කර තබා විනාඩි 30ක් ඔෆ්ෆ් වී තිබෙන ලෙස ප්‍රෝග්‍රෑම් කල හැකිය.මෙමගින් අනවශ්‍ය අයිස් තට්ටු බැඳීම වලකන අතර එමගින් අධික බලශක්තියක් වැයවෙන අයිස් තට්ටු දියකිරීමේ ක්‍රියාවලියද අනවශ්‍ය වෙයි. මෙපමණක් නොව මස් මාළු සොසේජස් වැනි ආහාර සඳහා අධික ශීතලක් අවශ්‍ය නොවේ.එමනිසා ශීතකරණයේ අධික ශීතල තරමක් අඩු කර ගැනීමෙන් විශාල බලශක්තියක් මෙන්ම මුදලක්ද ඉතිරි කරගත හැකිවෙයි.පටන්ගැනීමෙදී ශීතකරණය විනාඩි 40ක් ON කර තබා විනාඩි 20ක් OFF වී තිබෙන ලෙස ප්‍රෝග්‍රෑම් කර දින 2ක් පමණ නිරීක්ෂණය කල යුතුවෙයි. ශීතකරණයේ /අධි ශීතකරණයේ ශීතල එලෙසම පවතීනම් OFF වී තිබෙන කාලය විනාඩි 5ක් පමණ වැඩිකර ගත හැක. මෙලෙස ඔබගේ ශීතකරණය හෝ අධි ශීතකරණය සඳහා සුදුසුම කාලයන් සොයාගත්විට මසකට ඒකක 20 සිට 40 දක්වා පහසුවෙන් ඉතිරි කරගත හැකිවෙයි. KillerWATTPro භාවිතා කිරීමේදී ශීතකරණයේ අභ්‍යන්තර උෂ්ණත්වය MID සහ MAX අතරට තැබීම වඩා සුදුසුවෙයි.

මින්පසු රාත්‍රිය පුරාවටම ශීතකරණය OFF කර තබා නරක්වූ ආහාර පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවක් නොවේ. දිවා රාත්‍රී දෙකෙහිම බලශක්තිය ඉතිරිකරන KillerWATTPro අප නිර්මාණය කලේ මේ සඳහායි.

 

KillerWATTPro 13A වායුසමීකරණ සඳහා ක්‍රමවත්ව හාවිතා කරන ආකාරය 

මුලින්ම “P1” ක්‍රමවේදය තෝරාගන්න

සාමාන්‍යයෙන් වායුසමීකරරණ වල ඇති ටයිමර් එක මගින් අවශ්‍ය කාලයකදී එය OFF කර දැමියහැකියි. නමුත් එය ස්වයංක්‍රීයව ON කරගැනීමට ක්‍රමයක් නැත. KillerWATTPro උපකරණය මෙම ක්‍රියාවලිය ස්වයන්ක්‍රීයකරණය කිරීමට පහසුවෙන් භාවිතා කලහැකිය. වායුසමීකරණ සඳහා අප නිර්දේශ කරන්නේ KillerWATTPro 13A මාදිලියයි.

වායුසමීකරණයක් වරින්වර OFF කරමින් භාවිතා කිරීම තුලින් විශ්වාසකළ නොහැකි තරම් විශාල විදුලි බලශක්තියක් මෙන්ම මුදලක්ද ඉතිරි කරගත හැකිවෙයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයට පැයක් පමණ වායුසමීකරණය ක්‍රියාත්මක කිරීමට සැලැස්වූ  විටඔබට සුවපහසු නින්දක් ළඟාකර ගැනීමට තරම් සිසිලසක් කාමරය පුරා පැතිරී යයි. ඉන්පසු පැයක් හෝ පැය දෙකක් වායුසමීකරණය OFF කර තැබීම නින්දේ සිටින ඔබට එතරම් දැනෙන උෂ්ණත්ව වෙනසක් නොවනු ඇත. කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය දිගටම සිදුකිරීම තුලින් ඉතිරි කරගත හැකි විදුලි ප්‍රමානය දැකීමෙන් ඔබ මවිත වනු ඇත.

අයෙකුට පැයක් ON කර පැය 2ක් OFF කිරීම සුදුසු වන අතර තවත් අයෙකුට විනාඩි 15ක් ON කර විනාඩි 40ක් OFF කිරීම සුදුසු විය හැකිය. සුදුසු ක්‍රමවේදය තෝරාගැනීම තුලින් ඔබ මවිත වන අන්දමේ විදුලි බිලක් ඉතිරි කරගත හැකිවෙයි.

කිලර්වොට් ප්‍රෝ උපාංග සහ භාවිතා කළහැකි උපකරන වලින් කිහිපයක්